ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උදයාංග වීරතුංග නිදහස් වෙයි – රනිල්-මෛත්‍රී මැතිවරණ රංගනය හෙළිවේ

ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු තමා ජාත්‍යන්තර පොලීසිය විසින් නිදහස් කළ බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති  උදයාංග වීරතුංග මහතා පවසයි. කෙසේ ලාංකීක පොලීසියට එරෙහිව ජාත්‍යන්තරව වන්දි නඩුවක් පැවරීමට ඉතා සුදුසු අවස්ථාවක් තමාට උදාවීම පිළිබඳ සතුටු වන බවත් උදයංග වීරතුංග මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ නිකුත්කල නිවේදනයේ සඳහන් කරයි.

පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ජාත්‍යන්තර පොලීසිය විසින් උදයංග වීරතුංග මහතාගේ ගමන නවතා පරික්ෂාවට ලක් කර තිබුණි. ඉන් පසුව අත්අඩංගුවට ගෙන සිටින උදයංග වීරතුංග මහතා පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දිනයේ දී අබුඩාබි බලා පිටත් වී ගියේය.