මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,758 ක්.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාලව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,758 දෙනෙක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.
පොලිස් මූලස්ථානයේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන් සියලුදෙනා අද (08) දිනයේදී අදාළ රාජකාරි ස්ථාන වෙත වාර්තා කරන බවයි.
ප්රචාරක කටයුතු ඊයේ (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමඟ මැතිවරණ නීති ආරක්ෂා කිරීම සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ඔහු එහිදී කියා සිටියා.