‘‘විමල් ඉන්නේ රනිල්ගේ ඔඩොක්කුවේ” – ජී. එච්. බුද්ධදාස
විමල් වීරවංශ මහත්තයා දැන් පිස්‌සු උන්මාදයෙන් මත්වෙලා. බුදුන් ඉපදුන රටේ නායකයා මෙරට වෙසක් උත්සවයට සහභාගී වෙන්න එන වෙසක් පෝය දිනයේ කළු කොඩි දමන්න කියා ජනතාවට උපදෙස් ලබා දෙනවා. හිටපු නායකයා හොරු රැළත් සමග පිටුපසට වී මේවාට අත්පුඩි ගසනවා. උදේ හවා පන්සල් ගානේ යමින් ක්‍රියා කරන රටේ හිටපු ජනපතිවරයාගේ පහත් ක්‍රියාව තරයේ හෙළා දකින බව කඩුවෙල හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස පැවැසීය. කඩුවෙල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් තවදුරටත් අදහස් දැක්‌වූ ඒ හිටපු නගරාධිපතිවරයා…
ඔය විමල් වීරවංශ මහත්මයා මේ වන විටත් තම පක්‍ෂය දෙකට කඩාගෙන ගිහින් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔඩොක්‌කුවේ. මහින්ද මහත්තයාට ටටා බායි කියා රනිල් මහත්තයාගේ උකුලට යන දවස වැඩි ඈතක නොවන බව මම පවසනවා.
මෙයාලා ගෝල්පේස් එක පිරවූවා කියා බොරු චූන් ගන්නවා. එහි තිබුණේ කම්කරු රැලියක් නොවේ. ඒක වෛරී රැළියක්. මහින්ද මහත්තයා හරි උජාරුවෙන් කියවන්නේ පිට්‌ටනිය පිරෙව්වා කියා. මහින්ද මහත්තයා කවදත් පිට්‌ටනි පුරවන්න හරි දක්‍ෂයි. නුගේගොඩත්, රත්නපුරයත් අනුරාධපුරයත් මීට පෙර පිරෙව්වා. එහෙත් ඡන්දය තිබ්බාම මොකද වුණේ. ඡන්දය ගනින විට පරාදයි. මේක නිකම් ඔය කණ්‌ඩායමේ බොරු චූන් එකක්. මේක ඒ කාලේ හම්බ කළ මුදල් තිබෙනවා. ඔය හොර නඩේ තමයි ඉදිරි පේළියේ වාඩිවෙලා හිටියේ එකතුවෙන්න කියා.