ෆොන්සේකාට විරෝධයපා සජිත් ඇතුළු මැති ඇමැති 20ක් එජාපය හැරයයි?
සරත් ෆොන්සේකා මහතාට එජාපයේ ඉහල තනතුරක් ලබා දීමට විරෝධය පල කරමින් සජිත් ප්‍රේමදාස, විජේදාස රාජපක්‍ෂ ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් 20දෙනෙකු එම පක්‍ෂයෙන් ඉවත් වී පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් එම පිරිස ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට කිසිසේත්ම සූදානමක් නැති බවද එම වාර්තා වල දැක්වෙයි.
පසුගිය 08 වෙනිදා පස්වරුවේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදීද ඇමති සරත් ෆොන්සේකාට එජාපයේ තනතුරක් යෝජනා වී නොමැති අතර ප්‍රධාන තනතුරුවලද වෙනසක් සිදු වනු ඇති බවට ඇතැම් වාර්තාවල සඳහන් වූ නමුත් එවැනි වෙනසක් සිදු නොවුණි. එමෙන්ම පක්ෂයේ සහකාර නායක තනතුරු තුනක් පත් කිරීමේ යෝජනාව ද ක්‍රියාත්මක නොවීය.