ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පැෆරල් සංවිධානය ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුගේ තොරතුරු සොයයි

තවත් ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ සිටීද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාගේම තොරතුරු එක්රැස් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර අැත. තොරතුරු දැනගැනීමේ පනතේ වගන්තිවලට අදාළව එම තොරතුරු එක්රැස් කිරීමට නියමිත බව එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා අැත.

එවැනි ජනතා නියෝජිතයන් සිටිත් නම්, ඔවුන් පිළිබඳව තොරතුරු ජනතාවට හෙළි කිරීම තම සංවිධානයේ අරමුණ බවත්, එවැනි පුද්ගලයන් රටේ නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කටයුතු සඳහා සුදුසු පුද්ගලයන් නොවන බව තම සංවිධානයේ විශ්වාසය බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දී අැත.