හූති කැරලිකරුවන් විසින් රතු මුහුදු තීරයේ පාලනය අත්පත් කරගනියි
හූති කැරලිකරුවන් විසින් යේමනයේ සමස්ත රතු මුහුදු තීරයේ පාලනය අත්පත් කරගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
යේමන රජයේ හමුදාවන්ට එරෙහිව දියත් කළ ප්රහාරයකින් පසු, අදාළ කැරලි කණ්ඩායම විසින් වෙරළ තීරයේ අවසාන නගර ද අල්ලාගෙන ඇති බවත්, Bab al-Mandeb සමුද්ර සන්ධියේ පිහිටි දූපත් දෙසට ද ඔවුන් ගමන් කර ඇති බවයි රාජ්ය මූලාශ්ර උපුටා දක්වමින් එම මාධ්ය වාර්තා සඳහන් කළේ.
මෙම නාවික මාර්ගය, මෙම වසර මුලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වීමට පෙර හෝමුස් සමුද්ර සන්ධියට විකල්ප මාර්ගයක් ලෙස භාවිත වී තිබෙනවා.