ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

ශ්‍රී ලංකා – ඇෆ්ග­නි­ස්තා­න‍ ඩුබා­යි ක්‍රි­කට් තරග ශ්‍රී ලංකා‍වට ගෙන එන්න සැල­සු­මක්

මැද­පෙ­ර­දිග මතුව ඇති යුද වාතා­ව­ර­ණය හේතු­වෙන් ඩුබා­යි­හිදී මේ මස 13 වැනිදා ආර­ම්භ­වී­මට නිය­මිත ශ්‍රී ලංකා – ඇෆ්ග­නි­ස්තාන එක්දින හා විස්සයි20 ක්‍රිකට් තර­ගා­ව­ලිය ශ්‍රී ලංකා‍වේ පැවැ­ත්වී­මට අව­ධා­නය යොමුව තිබේ.

මේ සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා – ඇෆ්ග­නි­ස්තාන ක්‍රිකට් ආය­තන සාකච්ඡා පව­ත්ව­මින් සිටින අතර, ඉදිරි දින දෙක තුළදී ස්ථීර තීර­ණය ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තය. මාර්තු 13 වැනි දින පැවැ­ත්වෙන තර­ගා­ව­ලිය වෙනු­වෙන් ශ්‍රී ලංකා පිල මේ මස 10 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව යෑමට සැල­සුම් කොට ඇති අතර, මැද­පෙ­ර­දිග මෑත­කා­ලීන ආත­තීන් තර­ගා­ව­ලිය පැවැ­ත්වී­මට බාධා­වක් වී තිබේ.

ඇෆ්ග­නි­ස්තාන ක්‍රිකට් මණ්ඩ­ලයේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන මේ තර­ගා­ව­ලියේ විස්සයි20 තරග තුන සාජා­හි­දීත්, එක්දින තරග ඩුබා­යි­හි­දීත් පැවැ­ත්වී­මට කට­යුතු යොදා ඇත. අව­සන් වරට දෙපිල ද්විපා­ර්ශ්වික තර­ගා­ව­ලි­ය­කදී මුණ­ගැ­සුණේ 2024 මුල් භාග­යේදී, ඇෆ්ග­නි­ස්තා­නය ශ්‍රී ලංකාවේ සංචා­රය කළ අව­ස්ථා­වේ­දීය. එම අව­ස්ථා­වේදී, ශ්‍රී ලංකාව තර­ගා­වලි දෙකම ජය­ග්‍ර­හ­ණය කළ අතර, එක්දින තරග 3-0ක් ලෙස හා විස්සයි20 තර­ගා­ව­ලිය 2-1ක් ලෙස සට­හන් විය.

මේ අතර, අබු­ඩාබි සයිඩ් ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පෙරේදා පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ පාකි­ස්තාන ෂහීන්ස් සහ එංග­ලන්ත ලයන්ස් අතර දෙවැනි එක්දින තර­ගය මැද­පෙ­ර­දිග මතුව ඇති යුද උණු­සුම හේතු­වෙන් අව­ලංගු කරන ලදි. එංග­ලන්ත කණ්ඩා­ය­මට නැවත සිය රට බලා යාමට අවශ්‍ය බවත් ගුවන් ගමන් අව­ලංගු කිරීම හේතු­වෙන් එංග­ලන්ත ලයන්ස් කණ්ඩා­යමේ පුහු­ණු­කරු ලෙස අබු­ඩා­බිහි සිටින එංග­ලන්ත ක්‍රිකට් ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ එක්සත් රාජ­ධා­නියේ අග­මැති කීර් ස්ටාර්මර් මහ­තා­ගෙන් උදවු ඉල්ලා සිටි­යේය. “ඔබට අපව ගෙදර ගෙන යා හැකිද?” බෙයාර්ස්ටෝ එක්සත් රාජ­ධා­නියේ අග­මැති කීර් ස්ටාර්මර් මහතා වෙත ‘එක්ස්’ පණි­වි­ඩ­යක් නිකුත් කළේය.

මැද­පෙ­ර­දිග යුද­මය තත්ත්වය ක්‍රීඩා ක්ෂේත්‍ර­යට අහි­ත­කර බල­පෑ­මක් ඇති කර ති‍බෙන අතර, පාපන්දු සහ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා කිහි­ප­යක කාල­ස­ට­හන් දැන­ට­මත් උඩු යටි­කුරු කර ඇත. තත්ත්වය ඉක්ම­නින් පාල­නය නොවු­ණ­හොත්, ඉදිරි දින­ව­ලදී තවත් කාල­ස­ට­හන් කිහි­ප­යක් කල් දැමී­මට හෝ අව­ලංගු කිරී­මට ඉඩ ඇත.

ආසි­යානු පාපන්දු සම්මේ­ල­නය (AFC) මැද­පෙ­ර­දිග පැවැ­ත්වෙන මහා­ද්වී­පික සමාජ ශූර­තා­ව­ලියේ මෙම සතියේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ ප්ලේ-ඕෆ් තරග සියල්ල කල් දමා තිබේ. ආසි­යානු චැම්පි­යන්ස් පාපන්දු ලීග් බට­හිර කලාප කන්ඩා­යම් 16 වටයේ තරග කල් දමා ඇති බව ආසි­යානු පාපන්දු සම්මේ­ල­නය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටි­යේය.

මේ අතර, ඉරා­නය, පර්සි­යානු ගල්ෆ් ප්‍රෝ ලීගයේ තරග කල් දමා ඇත. කටාර්හි කටාර් ස්ටාර්ස් ලීග් තර­ගය අව­ලංගු කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් අත්හි­ටුවා ඇති හෙයින් ඉන්දි­යාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැ­ත්වෙන විස්සයි20 ලෝක කුස­ලා­න­යට සම්බන්ධ ක්‍රීඩ­ක­යන්, කණ්ඩා­යම් කළ­ම­නා­ක­රු­වන්, තරග නිල­ධා­රීන්, විකා­ශ­ක­යන් සහ සංවි­ධා­යක කාර්ය මණ්ඩ­ලයේ ගමන් සහ ආර­ක්ෂාව සහ­තික කිරීම සඳහා හදිසි සැල­සුම් ක්‍රියා­ත්මක කිරී­මට අයි­සී­සීය පිය­වර ගෙන ඇත.

මැද­පෙ­ර­දිග අර්බු­දය ෆෝමි­යුලා වන් මෝටර් රථ තර­ගා­ව­ලි­ය­ටද බලපා ඇත. ඩේලි මේල් පුව­ත්ප­තට අනුව, ඔස්ට්‍රේ­ලි­යානු ග්‍රොන් ප්‍රී තර­ගා­ව­ලිය සඳහා මෙල්බර්න් බලා යන ක්‍රීඩක ක්‍රීඩි­කා­වන්ට ගුවන් ගමන් අව­ලංගු කිරීම බල­පෑම් කොට ඇත. දෝහා සහ ඩුබායි ගුව­න්තො­ටු­පොළ වසා දැමී­මෙන් පසු මෙල්බර්න් ග්‍රොන් ප්‍රී තර­ගා­ව­ලියේ කණ්ඩා­යම් සහ කාර්ය මණ්ඩ­ලය 2,000කට ආසන්න සංඛ්‍යා­ව­කට ඔවුන්ගේ ගමන් මාර්ග වෙනස් කිරී­මට සිදුව තිබේ.