ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අමෙරිකාවේ සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ 787ක් මරුට

ඊශ්‍රායල සහ අමෙරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කළ දා සිට පුද්ගලයින් 787ක් පමණ මිය ගොස් ඇති බව ඉරානයේ රතු අඩසඳ සංගමය පවසයි.

අමෙරිකාව පදනම් කරගත් ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරීන් (HRANA) වාර්තා කර ඇත්තේ, ළමුන් 176 දෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් 742 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ය.

ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ඉරානයේ රෝහල් නවයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර බව ඉරාන පාර්ලිමේන්තු සෞඛ්‍ය කොමිසමේ සාමාජිකාවක් චෝදනා කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍යාංශය චෝදනා කරන්නේ, ඊශ්‍රායලය සහ අමෙරිකාව යන රටවල් දෙක ම ප්‍රහාර එල්ල කිරීමට එක ම රෝහල් ඉලක්ක කරගත් බව ය.