ජනපති අනුර ජපානයට ළඟා වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (සැප්. 27) පෙරවරුවේ ජපානනයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.
එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසින් ජනාධිපතිවරයාව හරසරින් පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා සැප්තැම්බර් 27 වන දා සිට 30 වන දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.
අද සිට ජපානයේ ඔසාකාහි පැවැත්වෙන “එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
සිය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක් හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.
එමෙන් ම, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල ඒකාබද්ධව ටෝකියෝහිදී සංවිධානය කර තිබෙන ශ්‍රී ලංකා ආයෝජන සංසදය සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටිති.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.