ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වළදමා තිබූ තවත් T56 අවි 30ක් සොයාගැනේ – මේ අවුරුද්දට තුවක්කු පිස්තෝල 186ක් අල්ලලා

LTTE සංවිධානය සතුව තිබූ තවත් T56 ගිනි අවි 30 ක් යාපනයේ වළදමා තිබියදී සොයාගත් බව පොලීසිය සදහන් කරයි.

නිතීවිරෝධීව ළග තබාගෙන සිටි පිස්තෝල 64 ක් මේ වසර තුළ පොලිස් භාරයට ගෙන තිබේ.

සොයාගත් රිවෝල්වර සංඛ්‍යාව 46 කි.

ගල්කටස් ගිනිඅවි 40ක් සහ රිපීටර් 06ක් ද සොයාගත් ගිනිඅවි අතර වේ.

නීතිවිරෝධීව ළඟ තබාගෙන ඇති ගිනිඅවි පොලිස් භාරයට ගැනීම සඳහා අඛණ්ඩ වැටළීම් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.

(Ceylon wire News)