නන්දන ගුණතිලකට එරෙහිව අල්ලස් කොමිසමෙන් නීතිමය පියවර.!
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වන නන්දන ගුණතිලක මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නීතිය අංශයේ හිටපු සාමාජියෙක් බව හිරු රූපවාහිනී පැවැති වැඩසටහනකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දේශපලාන වේදිකාවේ විශාල කතාබහක් ඇතිව තිබේ.
ඒ පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේදීද ඊයේ (26) අදහස් දක්වනු ලැබීය.
එකල තමන් යටතේ නීති අංශය පැවැති බවත් ලේකම්වරයා ලෙස කටයුතු කලේ සුනිල් වටගල ඊට අදාළ සියලු සාක්ෂි තමන් සතු බවත් නන්දන ගුණතිලක ප්‍රකාශ කර තිබුණි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහත අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ නන්දන ගුණතිලක විසින් සිදුකළ ප්‍රකාශය සාවද්‍යක් බවයි.
ඔහු පැවසූවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වර්තමාන අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කිසිදු දිනක ජනතා විමුක්ති පෙරමුණේ නීති අංශයේ කටයුතු කර නොමැති බවත් එම ප්‍රකාශය ද්වේශ සහගතව කළ ප්‍රකාශයක් බවයි.
ඒ පිළිබඳ රංග දිසානායක මහතා ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකරනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.