ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

රනිල් වෙනුවෙන් මහජන ධනය වැයකරමින් ඇමතිධුර අවභාවිතා කල හරීන්ට හා මනුෂට පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අහිමි වෙයි

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අය සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය අහෝසි බව තහවුරු කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වනු ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු ප්‍රකාශයකයෙකු සඳහන් කළේ අදාළ අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුව වෙත ලැබුණු පසු වහාම එය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන බවයි. ඉන්පසු එම නියෝගය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය කාලය පුරාවට මොවුන් දෙදෙනා විසින් තම අමාත්‍යංශ හරහා විවිධ වැඩසටහන් සංවිධානය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමේ නිරත විය. සංගීත සංදර්ශණ පවත්වමින් හා විවිධ උත්සව සංවිධානය කරමින් ඒ හරහා රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මොවුන් දෙදෙනා විසින් මිලියන ගණනින් මුදල් වැය කරන ලදි.