ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සැප්තැම්බර් 17න් පසු සුදුසු දිනයකදී ජනාධිපතිවරණය පවත්වනවා… ඡන්ද විමසීමේ දිනය ජුලි අවසන් වීමට පෙර – මැතිවරණ කොමිෂම

ජූලි මාසය අවසන්වීමට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

සැප්තැම්බර් 17 න් පසුව එළඹෙන සුදුසු දිනකදී ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බවයි මේ මොහොතේ මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසම් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසා සිටියේ, මේ දිනය ක්‍රියාත්මක කිරීමේ දී වෙනත් කිසිදු හේතුවක් බලනොපාන බව ද ඒ මහතා කියා සිටියේය.

ඕනෑම අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපති පනත අනුව මෙම දින පිළිබඳ සලකා බැලිය හැකි බව ද රත්නායක  මහතා පැවසීය.