වෙඩි තැබීමේ දර්ශනයක් රූගත කිරීම් අතරතුරදී ජනප්‍රිය රංගන ශිල්පී ජගත් මනුවර්ණට අනතුරක්! මනුවර්ණව වහාම ප්‍රතිකාර සඳහා යොමු කරයි!
චිත්‍රපටයක වෙඩි තැබීමේ දර්ශනයක් රූගත කිරීමක දී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක් වී තිබෙනවා.
ඒ මේ දිනවල රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ රූගත කරමින් පවතින චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතරතුරයි.
ඊයේ (28) රූගත කරනු ලැබූ වෙඩි තැබීමේ දර්ශනයකදී වැරදීමකින් එහි රංගනයේ යෙදෙන ජගත් මනුවර්ණ අනතුරකට ලක් වූ බවයි වාර්තා වන්නේ.
වෙඩි පිපිරවීම සිදුකළ ශිල්පියාගේ අත්වැරදීමකින් මෙම පිපිරීම සිදුව ඇති බව වාර්තා වන්නේ.
අනතුර සිදුවූ ඊයේ (28) දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ රෝහල කරා රැගෙන විත් තිබෙනවා.
කෙසේ වෙතත් ඔහුට සුළු තුවාල කිහිපයක් පමණක් සිදු වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.