ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අඩු ආදායම් ලාභීන්ට දුන් පනුවෝ ගහපු හාල් ගැන හෙළිකළ පුද්ගලයින් පොලිසියට කැඳවයි.. ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් කියපු විමර්ෂණය මේකද?

අඩු ආදායම් ලාභී පවුල් සඳහා සහල් බෙදා දීමේ රජයේ වැඩසටහනේ දී හාලිඇල සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා  තත්ත්වයෙන් බාල සහල් ගැන මුල් වරට හෙළිදරව් කළ පුද්ගලයා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හාලි ඇල පොලිසිය වෙත අද (29) කැඳවා තිබේ. අදාල සහල්වල තත්ත්වය සම්බන්ධව මෙම පුද්ගලයා හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කර්යාලයට පැමිණිලි කර තිබිණි.

“ හාල් කේස් එකක් ඇතිවුණා නෙ. මාධ්‍යයට කිව්වා කියාල පොලිසියට එන්න කිව්වා කටඋත්තරයක් දෙන්න.  හාල් දුන්න දවසට පහුවෙනිදා ඒජී මහත්තයා ආවා . ඇවිල්ලා ඉතුරු හාල් ටික බැලුවා. ලියුමක් ලියාගෙන විනාඩි 10කට පස්සේ ආපහු හාල් මිටියක් ගෙනල්ලා දුන්නා. අත්සන් අරන් මම ඒක බාර ගත්තා. “ ඔහු හිරු පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණේ.

ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන කීර්ති තෙන්නකෝන් පරිභෝජනයට නුසුදුසු සහල් පිළිබඳව විමර්ශනයක් සිදුකරන බව පැවසුවද මේ වනවිට සිදුවෙමින් පවතින්නේ එම කල්ඉකුත් වු පනුවෝ සහිත සහල් පිලිබදව හෙලිදරව් කල පුද්ගලයින් දඩවම් කිරීමයි.