නවතම මැතිවරණ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අතරින් අනුර කුමාර 50% ඉක්මවයි
2023 දෙසැම්බර් මාසයට අදාළව ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය මත ඇස්තමේන්තු අනුව ජාතික ජන බලවේගය/ ජනතා විමුකිති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට වැඩිහිටියන්ගෙන් සියයට 50ක ප්‍රතිශතයක් සහායක් ලබමින් ඉදිරියෙන් පසුවෙන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කළ සමීක්ෂණයක දැක්වෙයි.
මෙම සමීක්ෂණය අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහටතට සියයට 33ක්, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සියයට 9 හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට සියයට 8ක ප්‍රතිශතාත්මක අගයක් පවතී.
පසුගිය දෙසැම්බර් මස මෙම සමීක්ෂණ ප්‍රථිපල ඉතා දැඩිව අධ්‍යනය කල ඉන්දියාව මේ මොහොතේ මෙරට ජනප්‍රියම දේශපාලන බලවේගය සහ එහි නායකයා ලෙස අනුර කුමාර ඇතුළු මාලිමාවේ පිරසකට ඉන්දියාවේ නිල සංඡාරයක් සදහා ආරාධනයක්ද කරන ලදි. ඒ අනුව අනුර ඇතුළු ජාතික ජනබලවේගයේ දුත පිරිසක් මේ දිනවල ඉන්දියාවේ නිල සංචාරකය නිරතවේ.

