ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට රනිල්ට කිසිඳු බලයක් නැහැ… මෙය ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් පටහැනි තත්ත්වයක් – හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා කියයි (වීඩියෝ)
රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයක් දැරීමට වරමක් හිමිවී නැති බවත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීමට ඔහුට කිසිඳු බලයක් නැති බවත් හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා පවසයි.
ඔහුගේ පක්ෂයට ලැබුනේ මුලු රටේම ජනතා ඡන්දවලින් සියයට 2.16ක් බවත්, සියයට 98ක ජනතාවක් ප්‍රතික්ෂේප කළ ඔහු දැන් රටේ සම්පත් පෞද්ගලීකරණය කරමින් සහ විකුණා දමමින් රට අන්ත දුගී දුප්පත් කරමින් සිටින බවත් ඒ මහතා පවසයි.
මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ව්‍යවස්ථාව කියවා තේරුම්ගත යුතු බවද, ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් පටහැනි තත්ත්වයක් මෙහිදී ඇති වී තිබෙන බවද සරත් එන්. සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.