ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

හිටපු පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් වසර 03කට සිපිරිගෙට… වසර 05කට දේශපාලනයත් තහනම්!

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් අද (05) පකිස්තාන අධිකරණය විසින් නියම කළේය. එසේම ඉස්ලාමාබාද් නඩු විභාගය ඔහුට වසර පහකට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම තහනම් කළේය.

එම නඩු විභාගය සඳහා ඉම්රාන් ඛාන් අධිකරණයේ නොසිටියේය. තීන්දුව ප්‍රකාශ කිරීමෙන් ඉක්බිතිව පාකිස්තාන පොලිසිය   ඉම්රාන් ඛාන් ඔහුගේ නිවසේ දී අද අත්අඩංගුවට ගත් බව ඉම්රාන් ඛාන්ගේ නීතිඥයින්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් රොයිටර් වාර්තා කළේය.

70 හැවිරිදි ඉම්රාන් , පාකිස්ථානු  ක්‍රිකට් පුරාවෘතයක් බඳු ක්‍රීඩකයෙකි. ඔහු අග්‍රාමාත්‍ය ධුර කාලය තුළ විදේශීය ප්‍රභූවරුන්ගෙන් ලැබුණු තෑගි නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් නැගුන චෝදනාවට  වැරදිකරු වූයේය.

” හිටපු අගමැතිවරයා  දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ බව ඔප්පු වී ඇතැ”යි විනිසුරු හුමායුන් දිලාවාර් ප්‍රකාශ කළ බව පාකිස්ථාන රූපවාහිනිය උපුටා දක්වමින් AFP වාර්තා කර ඇත.