මත්තල 2022 වසරේ පාඩුව රුපියල් කෝටි 2221 ක්.
මත්තල ගුවන් තොටුපල පවත්වාගෙන් යාමෙන් 2022 වසරේ දී රුපියල් කෝටි 2221 ක පාඩුවක් රජයට සිද්ධ වී ඇති ඒ සම්බන්ධයෙන් සිදු කළ විගණන වාර්තාවකින් හෙළි වී තිබේ. එකී අලාභය, එම වසරේ මත්තල ගුවන්තොටුපල ලබා ඇති ආදායම මෙන් 26 ගුණයකි.
මත්තල ගුවන්තොටුපල ආරම්භ කරන ලද්දේ 2017 වසරේ දී ය. එදා සිට මේ දක්වා ගෙවුණු කාලය තුළ මත්තල ගුවන් තොටුපල වාර්තා කර තිබෙන අලාභය රුපියල් කෝටි 4281 කි.
මත්තල ගුවන් තොටුපළ වාර්ෂිකව මගීන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් බලාපොරොත්තු වූවද, 2022 වසරේ දී මත්තල ගුවන් තොටුපල භාවිතා කර තිබෙන මගීන් සංඛ්‍යාව 11,577 ක් පමණක් බව වාර්තා වේ.
ග-ුවන් තොටුපළ විවෘත කළ දා සිට මේ දක්වා මත්තල ගුවන් තොටුපළ හරහා ගොස් තිබෙන මගීන් සංඛ්‍යාව 103,324 කි.
ගුවන් තොටුපල හා ගුවන් සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් නික-ුත් කර තිබෙන විගණන වාර්තාවක් උපුටා දක්වමින් ලංකාදීප වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබේ.