මහින්ද දේශප්‍රියගේ සීමානිර්ණ කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම නතර කෙරේ
සීමානිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාළ වාර්තාවේ කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිදියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන අතර පළාත් පාලන ආයතන තවදුරටත් ගැටලුකාරී තත්ත්වයකට පත්වනු ඇති බවයි.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මෙම අදහස් පළ කළේය. ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවක මැදිහත්වීම යටතේ මෙම සීමානිර්ණ වාර්තාව කඩිනමින් සකස් කල අතර ඒ සදහා විශාල මුදලක්ද රජය විසින් මේ වනවිට වැය කර තිබේ.
සීමා නිර්ණය කිරීමේදී දැනට පවතින පළාත් පාලන කොට්ඨාස 341න් කල්මුණේ ප්‍රාදේශීය සභා කොට්ඨාසය හැර සෙසු කොට්ඨාසවල සීමා නිර්ණය සිදුකර ඇත. එක් එක් පළාත් පාලන කොට්ඨාසයේ සභික සංඛ්‍යාව, බහු සභික කොට්ඨාස තිබේද? කොට්ඨාස අංක, සභා නම්, ඒ ඒ කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරි වසම් සහ ඒ ඒ කොට්ඨාසයේ මායිම් යනාදිය මෙම වාර්තාවලට ඇතුළත් වේ.
විශේෂයෙන් මීට පෙර පළාත් පාලන ආයතනවල තනතුරු දැරූ 8000කට අධික සභික සංඛ්‍යාව නව සීමා නීර්ණය යටතේ 4800 දක්වා පහත හෙලා ඇත.
පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය ජාතික කමිටු වාර්තාව – 2022 – https://elections.gov.lk/si/elections/Report_of_National_Delimitation_committee_2022_S.html