ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොලිස් පහරදීම හේතුවෙන්, අත්අඩංගුවට ගත් තරිඳු උඩුවරගෙදර ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට

අත්අඩංගුවට පත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.

වෘත්තීය සමිති ඊයේ (28) පස්වරුවේ පැවැත් වූ විරෝධතාවක් අතරතුර ත්‍රිරෝද රථයක් තුළ සිටියදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.