ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වෘත්තීය පුහුණු අධිකාරියේ කළමණාකාර සහකාරවරයා පොලිස් අත්අඩංගුවේ දී මිය යෑම – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 07 රිමාන්ඩ්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අත් අඩංගුවේ සිටියදී  මිය ගිය නාරහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අද අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ හත් දෙනා මෙම මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ  තබන ලෙස මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම   නියෝග කළාය.

මෙසේ අත් අඩංගුවට පත්වන්නේ  උප පොලිස් පරීක්ෂක නදුන් නිලංග, පොලිස් සැරයන් ඉදුනිල් උදයංග බාලසුරිය, පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රදීප් කුමාර ආරියසිංහ, සංජීව සම්පත් කුසුම්සිරි, කසුන් සංජය හේරත්, අභිෂේක් පෙරේරා , තිළිණ මධුෂාන් නමැති නිලධාරීන්ය.

මෙම පිරිස  මාලිගාකන්ද අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබුණේ  මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේය.

සැකකරුවන්ට බන්ධනාගාර තුළදී තර්ජන එල්ල විමට ඉඩ ඇති නිසා ඔවුනට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකරිවරයාට නියෝග කළාය.