ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පසුගිය වසර හතරක කාලය තුළ රටේ ලක්ෂ 40ක් දරිද්‍රතාවයට… රටෙන් තුනෙන් එක්ක දරිද්‍රතා සීමාව පසු කරලා

පසුගිය වසර 4ක කාලය තුළ  ශ්‍රී ලාංකික ජනගහනයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස  මිලියන 4කින් ඉහළ ගොස් ඇති බව ආසියා පැසිෆික් කලාපය තුළ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක් ලෙස ක්‍රියා කරන  LIRNEasia  ආයතනය විසින් මෑතදී සිදුකරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයෙන් තහවුරු වී ඇත. වසර 2019දී ශ්‍රී ලාංකික ජනගහනය මිලියන 3ක් දරිද්‍රතාවයෙන් පෙලුන අතර එය වසර 2023දී  එය මිලිය 7ක් දක්වා වැඩිව ඇති බව එම සමීක්ෂණය මගින් පෙන්වා දී තිබේ.

මෙය රටේ සමස්ථ  ජනගහනයනේ සියයට 31 ක් යැයිද එම ආයතනය  පෙන්වා දී ඇත.

වසර 2023 සමික්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන අයගෙන් සියයට 81ක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන්නන් වන අතර වසර 2019 සිට ග්‍රාමීය දරිද්‍රතාව  දෙගුණ වී ඇති බවත් නාගරික දරිද්‍රතාව   තෙගුණ වී ඇති බවත් එම සමීක්ෂණය වැඩිදුරටත් පෙන්වාදේ.

මේ අතර වතු ජනතාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රතිශතයක් එනම් 51%ක්ම දරිද්‍රතාවයෙන් ජීවත් වන බව සමීක්ෂණයෙන් හෙලිව ඇත.

මෙම සමීක්ෂණයෙන් තව දුරටත් පෙන්වා දී ඇත්තේ රටතුළ පවතින ආර්ථි අර්බුධය හමුවේ  නිවාසවලින් 33%ක්ම තම ආහාර අනුභවය අඩුකර ඇති බ බවයි

නිවාස වලින් 27%කම වැඩිහිටියන් තම ආහාර වේල සිය දරුවන් වෙනුවෙන් සිමාකර ඇති බවය.

තවද නිවාස වලින් 37%ක්ම ආහාර මිලදී ගැනිම සදහා තම ගෘහ වත්කම් විකුණා ඇති අතර 50%ක්ම සිය  ඉතුරුම් මේ සදහා යොදවාගෙන තිබේ.