ColomboXnews

News | Gossip | Political | Entertainment

CorruptionNewsSlider

මැති ඇමති ගොට්ටන්ට අත යටින් අධිවේගයේ මාර්ග බලපත්‍ර දීමෙන් ආණ්ඩුවට කෝටි 300ක් පාඩුයි

ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ හිතවත්කම් මත අධිවේගි මාර්ගවල ධාවනය වන බස්රථ සඳහා නව මාර්ග බලපත්‍ර ලබාදීම නිසා කෝටි ගණනක මුදල් වංචාවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති  ගැමුණු විජේරත්න  පවසයි.

බස් රථ 35ක් සඳහා පසුගිය දින කිහිපයේදීද තාවකාලික මාර්ග බලපත්‍ර ලබාදී ඇති බවත් එම බලපත්‍ර කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් ⁣හෝ පුවත්පත්වල දැන්වීම් පලකිරීමකින්  තොරව ලබා දී ඇති බවත්  ඔහු කියා සිටියේය. එමගින් රුපියල් කෝටි 300ක පාඩුවක් රජයට සිදුව ඇති බව ගැමුණු විජේරත්න සඳහන් කළේය.

013 වසරේදී අධිවේගි මාර්ග සඳහා බලපත් ලබාදීමට ආරම්භ කළ බවත් එයින් බස් රථ 10ක් සඳහාවත් නිසි පරිදි ටෙන්ඩර් කැඳවා බලපත්‍ර ලබා දී නොමැති බවත් ඔහු තවදුරටත් කී⁣වේය.

“ජාතික ගමනාගමන කොමිෂන් සභාව හොරගුහාවක්,  මේ ආයතන කියන්නේ රටට ආදායම් උපයන මාර්ග. අනිසි විදිහට බස්රථවලට බලපත් ලබාදීම නිසා අහිමි වෙන්⁣නේ රටට ලැබෙන ආදායම්.”