ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

පොහොට්ටුවේ සීතාට ආණ්ඩුවෙන් විශේෂ සැලකිලි… අරගලය දා විනාශ වු සීතාගේ වාහනයට අලුත් වාහනයක්..!

මැයි 09 අරගල අවස්ථාවේ දී දේපල විනාශ වූ මන්ත්‍රීවරුන් අතරින් සීතා අරඹෙපොලට පමණක් මෝටර් රථයක් ලබා දීමට රජයේ සූදානමක්  පවතින බව වාර්තා  වීමත් සමග පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර බරපතල නොසන්සුන්තාවයක් මතුව ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පැවසුවේ අරගල අවස්ථාවේ දී ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන නියෝජිතයින් ඇතුළු සියයකට වැඩි පිරිසකගේ වාහන නිවාසහ ඇතුළු දේපල හානි වූ බවය.

ඒ මන්ත්‍රීවරුන් කිසිවෙකුටත්  කිසිදු වන්දියක් තවමත් ලැබී නොමැති පසුබිමක සීතා අරඹෙපොලට පමණක් මෙසේ වාහනයක් ලබා දීමට යෑම බරපතල අසාධාරණයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.