ටියුෂන් චාරිකාව 14 හැවිරිදි දරුවෙකුට මරු කැඳවයි
වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.
පන්නල, මාකඳුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන් 80 දෙනෙකු එම ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත වී ඇති අතර එහිදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.
එම සිසුන් අතරින් පිරිසක් පිහිනුම් තටාකයේ දියනාමින් සිට ඇති අතර එහිදී අදාළ සිසුවා දියේ ගිලී මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි වියේ පසුවූ සඳලංකාව ප්‍රදේශයේ පදිංචිව සිටි 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
මෘත ශරිරය හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර වෙන්නපුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.