නූතන මැලේසියාව ගොඩනැගූ නායකයා වන මහතීර් මොහොමඩ් වසර 53කට පසු ජනතාව ගෙදර යවයි
මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත්ව තිබෙනවා.
ඊයේ (19) පැවති මහ මැතිවරණයෙන් ඔහුට ආසනය අහිමි වී ඇති අතර 8%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වන බවයි වාර්තා වන්නේ.
97 හැවිරිදි මහතීර් මොහොමඩ්ගේ පක්ෂයට ද කිසිම මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට හැකිවී නැත.
මහතිර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා වසර 22 ක් මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
යළි 2018 වසරේ දී එවකට 94 හැවිරිදි වියේ පසු වූ මහතිර් මොහොමඩ් යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ එවකට පැවති පාලනය මැලේසියානු ජනතාව විසින් බරපතළ ලෙස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
එරට මෙන්ම ලෝක දේශපාලනය තුළද ජීවමානව සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු ලෙසයි මහතිර් මොහොමඩ් සැළකෙන්නේ. ඔහු සක්‍රීය වයස්ගතම දේශපාලනඥයා ලෙස පසුගියදා ගිනස් වාර්තා පොතට ද එක්වුණා.
97 හැවිරිදි මහතිර් මොහොමඩ් සැළකෙන්නේ නූතන මැලේසියාව ගොඩනැගූ නායකයා ලෙසයි.
කෙසේ වෙතත් මහතිර් මොහොමඩ්ගේ පාර්ශ්වය විසින් මෙම ඡන්ද ප්‍රතිඵල පිළිගත නොහැකි බව ප්‍රකාශ කර තිබෙනවා.