ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSliderSports

කටාර් රාජ්‍යයට ආ ජර්මානු පාපන්දු කණ්ඩායම ආපසු හරවා යවයි

ලෝක කුසලානය පාපන්දු තරඟාවලිය කටාර් හිදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

තරඟාවලියේ පළමු දිනයේ සත්කාරක කටාර් රාජ්‍ය සහ ඉක්වදෝරය තරඟ බිමට පිවිසීමට සුදානමින් පසුවනවා.

තරඟාවලිය මෙසේ ආරම්භ වීමට සුළු මොහොතක් තිබීමට පෙර එරටින් විශේෂ පුවතක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ජර්මානු ගුවන් යානයකින් පැමිණි ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම භාර ගැනීම කටාර් රාජ්‍ය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඒ සමලිංගික ලාංඡනය සහිත ගුවන් යානයකින් පැමිණීම හේතුවෙන්.

මේ හේතුවෙන් වෙනත් ගුවන් යානයකින් ඕමාන් සුල්තාන් ගුවන් තොටුපොළ වෙත පැමිණ ජර්මානු පාපන්දු කණ්ඩායමට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කටාර් රාජ්‍ය ප්‍රකාශ කර ඇත්තේ සමලිංගික පාපන්දු ලෝලීන් ඇතුළු සියල්ලන් සාදරයෙන් පිළිගන්නා නමුත් එලෙස පැමිණෙන අමුත්තන් තම රටේ සංස්කෘතියට ගරු කළ යුතු බවයි.