කොළඹට එන සියලු දුම්රිය නතර කෙරේ
බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කොළඹට ඇතුළු වන සියලු ම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ සිටින ජනතාවට තම ගම්බිම් වෙත යාමට අවශ්‍ය දුම්රිය යොදවා ඇති බව ය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය සමාන්‍යධිකාරි ධම්මික ජයසුන්දර…
“අද හවස දුම්රිය ගමනාන්තය කරා එන්නවා. ඒ කියන්නේ කොළඹ ආපු කවුරුවත් කලබල වෙන්න හොඳ නැහැ අතරමං වෙනවා කියලා. ආපහු යන්න සුපුරුදු කෝච්චිය තියෙනවා.”
මේ වන විට බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය බලාත්මක කර ඇති අතර, දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශ වෙත නියෝග කර ඇත.