“ජනපති රටේ නැති බව කීවේ වැරදිලා”: කතානායක ඉන්දීය මාධ්‍ය වෙත කියයි
ජනධිපති ගෝඨාභය රාජපක්ෂ තවමත් රට තුළ සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි.
ANI සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, බී.බී.සී. පුවත් සේවය සමග පැවති සමග සම්මුඛ සාකච්ඡාවේදී තමන් එලෙස ප්‍රකාශ කළේ වැරදීමකින් බව ය.
මේ පිළිබඳව ANI සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් ද තබා තිබේ.