ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

”සමාජ මාධ්‍ය අවහිර කරලා වැඩක් නෑ: මම යන්නෙත් VPN දාගෙන” – නාමල්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

තමන් ද VPN භාවිත කරන බව ත්, VPN භාවිතය සම්පූර්ණයෙන් ම එවැනි තහනම් කිරීම් නිෂ්ඵල කරන බව ත් ඔහු එහි සඳහන් කර තිබේ.

ඒ අනුව, වඩා ප්‍රගතිශීලිව සිතා එම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු සිය ටිව්ටර් පණිවිඩයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත. 

I will never condone the blocking of social media. The availability of VPN, just like I’m using now, makes such bans completely useless. I urge the authorities to think more progressively and reconsider this decision. #SocialMediaBanLK #SriLanka #lka— Namal Rajapaksa (@RajapaksaNamal) April 3, 2022