ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSliderSports

මාලිංගගේ අලුත් පත්වීම ගැන ශ්‍රී ලංකා නායකයා කී කතාව

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අනිද්දා (පෙබ:11) ආරම්භ වීමට නියමිත ය. දෙරට අතර තරගාරම්භයට පෙර පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර තරග පිටියේ සාර්ථක වාර්තා රැසක් සහිත ලසිත් මාලිංග පන්දු යවන්නන්ගේ උපදේශකවරයෙකු ලෙසින් කණ්ඩායමට එක්වීම ශක්තියක් බව ය.

“ඇත්තට ම මාලිංගගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් විශිෂ්ට යි. මොක ද ඒ වගේ ඉහළ මට්ටමකට ගිය දැනුමක් තියෙන කෙනෙක්ගෙන් ක්‍රීඩකයින්ට ගන්න තියෙන එක තමයි වටිනා ම දේ. මොක ද ඔහු ගොඩක් අවස්ථාවන්වලදී තරග හොඳින් හසුරුවලා, නායකයෙක් විදියට සාර්ථක වාර්තාවක් තබා සිටින ක්‍රීඩකයෙක්. ඒක කණ්ඩායමට ලොකු ශක්තියක්. අපේ පන්දු යවන්නන් ඒ ඒ තත්ත්වයන්වලදී පන්දු යවන විදිය ඔහුගෙන් ඉගෙන ගනිවී. ඒක ඇත්තට ම ගොඩක් හොඳ දෙයක්,” දසුන් ශානක පැවසීය.