ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇමති වීරසේකර බොරැල්ල දේවස්ථාන බෝම්බ සිද්ධියේ මහමොළකරු යැයි කියු ‘මුනි‘ මුදාහරියි

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි එම පල්ලියේ සන්ක්‍රිස්තියන්වරයා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (09) නියෝග කළාය.

ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ සෙල්වදොරෙයි පැන්සිස් මුනින්ද්‍ර නොහොත් මුනි යන අයවලුන්ය . මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (09) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

කෙසේ වෙතත් මෙම පල්ලියේ සන්ක්‍රිස්තියන්වරයා අත්අඩංගුවට පත් වු මොහොතේ ඇමති සරත් වීරසේකර ප්‍රකාශ කලේ මෙම බොම්බ තැබීමේ සිද්ධියට මොහු සෘජුව සම්බන්ද බවට තොතරතුරු වාර්තා වී ඇති බවයි.

ඒ සම්බන්දයෙන් කාදිනල් හිමියන් සහ ඇමතිවරයා අතර පුළුල් වාග් සංග්‍රාමයක්ද ඇතිවිය. පොලිසි්යබාර ඇමතිවරයා ලෙස සරත් වීරසේකර මහතා වගකීම් විරහිතව කටයුතු කරන ආකාරය මෙම සිදුවීමේදී මෙන්ම මීට පෙරද අවස්ථා ගණනාවකදී දැකගත හැකිවිය.

සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී  කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය