ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විවෘත නොකළ ශ්‍රේණි සඳහා පාසල් ඉදිරි සතියේ අරඹනවා – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

මෙතෙක් ආරම්භ නොකර ලද පාසල්වල අනෙකුත් සියලු ම ශ්‍රේණි, ලබන සතියේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත් වෙන 2022 අයවැය විවාදයේදී ය.   

“අපිට පාසල්  අද ඉහළ පන්ති සියල්ල විවෘත කරන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. ඉදිරි සතියේ අපි අනෙකුත් ශ්‍රේණි පාසල්වල ආරම්භ කරනවා ගරු කතානායකතුමනි.”

දිවයිනේ සියලු ම පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් මස 8 වන දා ආරම්භ කෙරුණු අතර ප්‍රාථමික අංශ ආරම්භ කෙරුණේ ඔක්. 25 වන දා ය.