බාර් ඇරලා – කඩ වහලා..! සුරාසැල් විවෘත කිරීමට එරෙහි විරෝධය පෑ පිරිසක් පොලීසිය කුදලගෙන යයි (VIDEO)
නිරෝධායන ඇඳිරි නිතිය පනවා තිබියදී සුරාසැල් විවෘත කිරිමට රජය විසින් අවසර ලබාදීමට එරෙහිව කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයක යෙදුනු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුඩා පරිමාණයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට අවසර ලබා නොදී සුරාසැල් විවෘත කිරිමට අවසර ලබාදීම සම්බන්ධයෙන් විරෝධතාකරුවන් එලෙස විරෝධතාවයේ යෙදුණා.