ColomboXnews

News | Gossip | Political | Entertainment

CorruptionNewsSlider

කෙහෙළිය වැඩ අරඹයි..! ජයවර්ධනපුර රෝහලේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මුවාවෙන් දැවැන්ත මුල්‍ය වංචාවක්..! සියලු තොරතුරු මෙන්න.

නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්වීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රොි්හලේ සිදුවු රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් සහ වංචාවක් පිලිබදව අප වෙත තොරතුරු වාර්තාවේ.

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් ශ්‍රී ජයවර්ධනපුර ජාතික හෙද විදුහලේ කාමර 30ක ගොඩනැගිල්ල කොවිඩ් වසන්ගතය සදහා ප්‍රෙයා්ජනයට ගැනීම සදහා ඇදන් 90ක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරිමට රෝහල් පාලනාධිකාරීය විසින් තීන්දුකර ඒ වෙනුවෙන් රුපියල් මිලියන ගණනක් වැයකර තිබේ.

එසේ ප්‍රතිසංස්කරණය කරන ලද මෙම ගොඩනැගිල්ල රෝහල් කාර්යමණ්ඩලය පවා වෙන්කරමින් සැප්තැම්බර් මස පලමු වෙනි දින විවෘත කරන ලද නමුත් මේ වනතෙක් කිසිදු රෝගියෙක් ඇතුලත්කරගැනීමකින් තොරව අතහැර දමා ඇති බව වාර්තාවේ.

මේට්ට 60ක් කොට්ට 200ක් බෙට්ෂීට් 200ක් ආදී වශයෙන් මෙම පර්යන්තය සදහා අවශ්‍ය උපකරණ මිලදීගැනීම සදහාද විශාල මුදලක් වැයකර තිබේ.

එක් රෝගීයෙක් සදහා දිනකට රුපියල් 6000ක් අයකිරීමේ සැලැස්මක් සහිතව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය විශාල මුදලක් වැයකර කඩිමුඩියේ විවෘත කලද අදවනතුරු එය ප්‍රෙයා්ජනයට නොගෙන අතහැර දමා තිබේ.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා අනුයුක්ත කරන ලද රෝහල් කාර්ය මණ්ඩලයද මේ වනවිට වෙනත් අංශ වෙත යොමුකර ඇත.

රටතුල දැවැන්ත මුල්‍ය අර්බුදයක් පවතින මොහොතක මෙලෙස මිලියන ගණනින් මහජන ධනය විනාශකිරීම බරපතල අපරාධයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. අප රටතුල මෙවැනි වංචා සහ දුෂණ මෙන්ම මහජන ධනය විනාශ කිරීම් දිනෙන් දින වාර්තාවන අතර ජයවර්ධනපුර රෝහල තුල සිදුවු මෙම මුදල් නාස්තියද ඉන් එකක් පමණි.