මහින්දගේ නිල වෙබ් අඩවිය හැක් කරලා
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිල වෙබ් අඩවිය ඊයේ(02) හැකරුන්ගේ ග්‍රහණයට නතුව තිබුනා. එහිදී සිදු වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමේදී එය තවත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමයි.
එම ව්‍යාජ වෙබ් පිටුවෙහි Bitcoin සම්බන්ධ අන්තර්ගතයක් පවතී අතර ඒ හරහා තවත් වෙබ් පිටු කීපයක් වෙත යා හැකි වනවා.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නකුත් කරන ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ අග්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවියවන(www.mahindarajapaksha.lk) මෙලෙස හැකරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබු අයුරු නිරීක්ෂණය වන බවයි.
එම පිටු තුලට පිවිසීමේදී සයිබර් ප්‍රහාරකයින් විසින් පරිඝනක දත්ත සොරා ගැනීම සඳහා වන මෘදුකාංග කිහිපයක් ස්වයංක්‍රියව බාගත වන ලෙස නිර්මාණය කර තිබු අයුරු නිරීක්ෂණය වූ බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ.