ColomboXnews

News | Gossip | Political | Entertainment

News

දමිතට යන්න වුණේ ‘ටෝච්’ මැඩම්ට ‘කුඩේ ‘නෑල්ලූ නිසා…?

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ ට එම තනතුරින් ඉල්ලා අස්වන ලෙසජනාධිපතිවරයා විසින් දැනුම්දී ඇත්තේ සීතා අරබේපොල රාජ්‍ය අමාත්‍යවරියගේ ඉල්ලීම මත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

 සභාපති දමිත වික්‍රමසිංහ තමාව කිසිඳු අකාරයකින් මායිම් නොකර කටයුතු කරන බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන- නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ජනාධිපතිවරයා හමුවී අවස්ථා කිහිපයකදීම මැසිවිලි නගා ඇතැයි පැවසේ. ” දමිත වික්‍රමසිංහත් ජනාධිපතිතුමාගේ හයිය අරන් වැඩ කරලා. ඇමතිතුමියට මැඩම් කියලා කතා කරන්නේවත් නැතිලු. සභාපති වැඩකරලා තියන්නේ එයා ඇමති වගේ. ඇමතිතුමිය පහුගිය කාලේ හරිම හිතේ අමාරුවෙන් හිටියේ. දමිතට සභාපතිකමෙන් ඉල්ලා අස්වෙන්න කියල ජනාධිපතිතුමා කිව්වේ එකයි. ඒ වෙනුවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති එතනට දාන්න ජනාධිපතිතුමා තීරණය කළා. ” යයි අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.