ColomboXnews

News | Gossip | Political | Entertainment

News

කිරුළ ගැලවුණු විවාහක රූ රැජින පොලිසි යයි…

නෙලුම් පොකුණ රඟහලේ දී ඊයේ නිමාවූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟය අවසානයේ ඇතිවූ මතභේදකාරී සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමුව ඇත.  එහිදී විවාහක රූ රැජින ලෙස හිස පැළඳි කිරුළ සුළු වේලාවකින් අහිමි කරගත් පුෂ්පිකා ද සිල්වා  මහත්මිය පවසන්නේ අද දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වා සියල්ල හෙළිකරන බවයි.

කෙසේ වෙතත් සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි  වාර්තා වන්නේ.