ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ශ්‍රී ලංකා රුපියල තවත් කඩා වැටේ – ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි.

ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය යළිත් රුපියල් 201 සීමාව ඉක්මවා පහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කළේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික වලට අනුව අද (26) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 201යි ශත 60ක් ලෙස සටහන් වූ බවයි.

ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ලෙස අද දිනයේ සටහන වූයේ රුපියල් 196යි ශත 72ක් ලෙසිනි.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ පළමු වරට රුපියලේ අගය 201 සීමාව ඉක්මවා පහළ ගියේ ඉකුත් (17) වැනිදාය.