“පුරාවිද්යාව ගැන කිසිදෙයක් දන්නේ නැති රාජ්ය ඇමති නිසා මම ඉල්ලා අස්වුණා” – හිටපු පුරාවිද්යා අධ්යක්ෂක සියල්ල හෙළිදරව් කරයි.
ශ්රී ලංකා පුරා විද්යා සංරක්ෂණ කටයුතු වලදී දේශපාලකයින්ගේ බලපෑම ඉතා ඉහළ බව හිටපු පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පවසනවා.
යූ ටියුබ් චැනලයකය සකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කරනු ලැබුවා.
තමන් පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ සෑම පාලනයක් යටතේදීම දේශපාලන බලපෑම් වලට මුහුණ දීමට සිදු වූ බව ඒ මහතා මෙහිදී කියා සිටියා.
අනුරාධපුරයේ අටමස්ථානය ඉදිරියේදී සඳහිරු සෑය ඉදිවීමත් සමඟ නමමස්ථානය වීම කෙරෙහි තමන්ගේ කිසි විරෝධයක් නොමැති බවත් එය ඉදිකිරීමට පෙර අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ තුන් වතාවක් විමසු බවත් ඒ මහතා මෙහිදී කියා සිටියා.
අමාත්ය ධුරයක් ලබාදීමට අවශ්ය නිසා පමණක්ම රාජ්ය ඇමති කෙනෙකු බවට පත්කරන ලද සෙරප්පු නොපැළදීමෙන් පමණක් තමන් අල්පේච්ඡ බව පෙන්වීමට කටයුතු කරන පුරාවිද්යාව ගැන කිසිඳු අවබෝධයක් නොමැති පුද්ගලයකු රාජ්ය අමාත්යධුරයට පත්කිරීම හේතුවෙන් ඔහු පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වූ බව සෙනරත් දිසානායක මහතා මෙහිදී සඳහන් කරනු ලැබුවා.