පළාත් සභා ඇමති මම වුනාට මැතිවරණයක් ගැන මම දැක්කෙත් පත්තරෙන් – අමාත්‍ය ජනක බණ්ඩාර
පළාත් සභා මැතිවරණය ජුනි මාසයේදී පැවැත්වීමට නියමිත බවට පළවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
“මම පලාත්සභා ඇමති වුනාට හිටපු ජනාධිපතිතුමා දීපු උත්තරේ තමයි මටත් දෙන්න තියෙන්නෙ ; මමත් දැක්කෙ පත්තරෙන්. ජුනිවල තියනවාලු ඡන්දෙ, අපි දන්නෙත් නෑ.
එහෙම තියන්නත් බෑ, දැන් මාර්තු. කවුද දන්නෑ ඕක කිව්වෙ … මමත් හොයනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් මැතිවරණ සූදානමක් ගැන පළවන පුවත් පිළිබඳ කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.