ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඉදිරියේ දී කොළඹ නගරවාසීන්ට ඔක්සිජන් හිඟ වීමේ අවදානමක්

කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රමක් ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා. එසේ වුවද එම ගැටළුව තවමත් මිනිසුන්ට ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසා කොළඹ මහනගර සභාවේ නිලධාරින් පෙන්වා දෙන්නේ.

එහෙත් ඉදිරි කාලය තුළ කොළඹ නගරයේ වාසය කරන ජනතාවට ඔක්සිජන් හිඟවීමේ ගැටළුවට පවා මුහුණ දීමට සිදුවන බව ඊයේ දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අනාවරණය වුයේ. 

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හා කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු  නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු හෙළීදරව් කරනු ලැබුවා.

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩසටහන ඒකාබද්ධව කොළඹ නගරයේ ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණය කිරීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුණා.