ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විදේශ ශ්‍රමිකයින් සුරාකන දිලිත් – සේනාධිපති මාෆියාවට ආණ්ඩුව ඇතුලෙන්ම විරෝධය

පසුගිය සමයේ යම් යම් හෝටල්වලින් නිරෝධායනය වෙනුවෙන් ලබා ගත් අයකිරීම් ගැන විමර්ශනය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා අවධාරණය කරන්නේ විදේශ ශ්‍රමිකයින් අධික මිලට හෝටල්වල නිරෝධායනය කිරීම නවතා දැමිය යුතු බවයි.

මුදල් ගෙවා හෝටල්වල කරන නිරෝධායනය නවතා රජය විසින් නොමිලේ සියලුම ශ්‍රමිකයින් නිරෝධායන කළ යුතු බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසාකන මාෆියාවක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුද රජයට චෝදනා කර තිබුණි.

මේ පිලිබදව දිගින් දිගටම සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විවේචනයක් වත්මන් ආණ්ඩුවට එල්ලවු අතර දෙරණ හිමිකරු වන දිලිත් ජයවීර සහ ඇවන්ගාඩ් සභාපති නිස්ශංක සේනාධිපති මෙම ජාවාරම මෙහෙයවන බවද මේ වනවිට අනාවරනය වී තිබේ. දිලිත් ජයවීර සහ නිස්ශංක සේනාධිපති යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීප හිතවතුන් වන අතර සීනි ජාවාරම හා පොල්තෙල් ජාවාරම සදහා සම්බන්ද වුයේද ජනාධිපිතිවරයාගේ සමීපමතම හිතවතෙකු වන විල්මා සමාගමේ සභාපතිවරයාය.

මෙම විදේශ ශ්‍රමිකයින් අධික මිලට හෝටල් වල නිරෝධායනය කිරීමේ මාෆියාව මෙන්ම ඔවුන් මුහුණපා සිටින ගැටළු පිලිබදව එතෙර අපි සංවිධානයද පසුගිය වකවානුවේ බරපතල හෙලිදරව් කිරීම් රැසක් කරන ලදි.