ආණ්ඩුවට ජනතාවගේ සිනහව ඇලජික් වී තිබේ.
වත්මන් ආණ්ඩුවට ජනතාවගේ සිනහව ඇලජික් වී තිබේ. මේ බව තහවුරු වන්නේ ලංකාවේ දේශපාලනය සමාජයේ දුර්වලතා සදය උපහාසයට ලක් කරන ජනප්‍රිය ෆේස් බුක් පිටුවක සංස්කාරක වරයාගේ නිවසට සීඅයිඩී නිලධාරීන් ගොස් අනියම් තර්ජනයක් එල්ල කිරීම නිසා ය.
ලක්ෂ 8 කට වැඩි පාඨක සංඛ්‍යාවක් සිටින මෙහි සංස්කාරක වරයා විදේශයක වෙසෙන නිර්මාණශීලී අයෙක් වන අතර සීඅයිඩිය ගොස් ඇත්තේ කොළඹින් දුර බැහැර වෙසෙන ඔහුගේ දෙමාපියන්ගේ නිවසට සහ ඔහුගේ බිරිඳගේ දෙමාපියන්ගේ නිවස වෙත ය. නිවෙස් වෙත ගිය සීඅයිඩී නිලධාරීන් සංස්කාරකවරයාගේ බැංකු පොත් ඉල්ලා පරීක්ෂා කර තිබේ. ඔවුන් සමග සිටි අයෙකු බැංකුවක නිලධාරියෙකු ලෙස හඳුන්වා ඇත. මෙය සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් වන්නේ පුද්ගලයෙකු ගේ බැංකු ගිණුම් පරීක්ෂා කළ හැක්කේ අධිකරණ නියෝගයක් මත පමණක් නිසා ය.කෙසේ වෙතත් ඉන්පසුව ඔහුගේ ලංකාවේ තිබූ බැංකු ගිණුම අත්හිටුවා තිබේ.
වෙබ් අඩවි, සමාජ මාධ්‍ය මර්දනයට අලුත් ආයුධ රැසක්..! විදෙස් සිට ක්‍රියාත්මක අයට ගහන්න මඩ සැලසුමක්..! මැයෙන් පසුගිය නොවැම්බර් 25 වෙනිදා ලංකා ඊ නිව්ස් මේ බව හෙළි කර සිටි අතර විදේශ වල සිට මෙහෙයවන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය තිස් ගණනක ලැයිස්තුවක් ගෝඨාණ්ඩුව සකසා ඇතැයි එහි දැක්විණ.ඉහත සිද්ධියේ අපූර්වත්වය වන්නේ එකී ජනප්‍රිය ෆේස්බුක් පිටුව ප්රවෘත්ති පළ කරන්නක් නොවන නමුත් පුවත් වල දැක්වෙන සිදුවීම් සදය උපහාසයට ලක් කරමින් පෝස්ටු සකස් කරන්නක් පමණක් වන නිසා ය. එනම් ගෝඨාණ්ඩුව දැන් පුවත් වලට පමණක් නොව ජනතාවගේ සිනහවට පවා බිය වී සිටී. මේවා මෙහෙයවන අය නොදන්නා කාරණය නම් දැලකින් සුළං බැඳිය නොහැකි බවයි.
උපුටාගැනීම – lankaenews