ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlidervariety

මැරඩෝනාගේ මුහුණේ අතක් තබාගෙන සෙල්ෆි ඡායාරූපයක් ගත් අවමංගල සේවකයා රැකියාවෙන් පහකරයි

පාපන්දු ශූර ඩියාගෝ මැරඩෝනාගේ සිරුර විවෘත මිනී පෙට්ටියක තැන්පත් කර තිබෙන අවස්ථාවේ සෙල්පි ඡායාරූපයක් ගත් අවමංගල සේවකයා රැකියාවෙන් පහකර තිබෙනවා.

ඩියාගෝ මොලිනා නමැති එම අවමංගල සේවකයා සිය අතක් මැරඩෝනාගේ මුහුණ මත තබා සෙල්පි ඡුායාරූපය ගෙන තිබේ.

මෙම ඡායාරූපය සමාජ ජාලා ඔස්සේ ප‍්‍රචාරය වීමත් සමගම ඔහුට මරණ තර්ජන එල්ල වී ඇත.

එම සෙල්පි ඡායාරූප මැරඩෝනාට සිදු කළ අවමානයක් බව ඔහුගේ අනුගාමිකයෝ පවසති.

මෙම සිද්ධිය ගැන ප‍්‍රකාශයක් කළ අවමංගල සමාගම පැවසුවේ මැරඩෝනාගේ සිරුර සකස් කිරීම සඳහා භාරව සිටි අවමංගල කණ්ඩායමට මොලිනා නමැත්තා ද සම්බන්ධ වූ බවයි.

මේ සම්බන්ධයෙන් අවමංගල සමාගම මැරඩෝනාගේ අනුගාමිකයන්ගෙන් සමාව අයැද ඇත.

එහෙත් ඔහුගේ අනුගාමිකයන් මුහුණු පොත ඔස්සේ තර්ජනය කරමින් මොලීනා මිය යා යුතු බවත් ප‍්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.