ජංගම දුරකථනයක් සොරා ගත් වදුරෙකු සෙල්ෆි ගසයි
තම අතුරුදන් වූ ජංගම දුරකථනය නැවත සොයාගත් විට එහි තිබී වඳුරන්ගේ “සෙල්ෆි ජායාරූප” සහ වීඩියෝ හමුවූ බව මලයාසියානු ශිෂ්‍යයෙක් පවසයි. ඔහු පැවසුවේ තමා සිකුරාදා නින්දට යනවිට තමා ළඟ තිබූ ජංගම දුරකථනය පසුදින අවදි වී බලන විට නොතිබූ බවය.
ඔහු පැවසුවේ, සිය ජංගම දුරකථනය තමන් නිදා සිටි අවස්ථාවේදී යමෙකු සොරා ගන්නට ඇතැයි සිතූ බවයි. ඔහුගේ ජංගම දුරකථනය අස්ථාගතවූයේ කෙසේ ද යන්න තවමත් ඔහුට පැහැදිලි නැති බවයි.
නමුත් පසුදින ඔහුගේ නිවස අසල කැලෑබද ප්‍රදේශයක තිබී එය හමු වී තිබේ. පසුව ජංගම දුරකථනය පරීක්ෂා කරන විට එහි වඳුරන්ගේ සෙල්ෆි ජායාරූප සහ වීඩියෝ තිබුණු බව ඔහු පවසයි.
එහි දැක්වෙන එක් වීඩියෝවක වඳුරෙක් එම දුරකථනය හැපීමට උත්සාහ දරන බව පෙනේ.
වඳුරන් විසින් ලබාගත් සෙල්ෆි පිළිබඳ ව වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2017 දී ද එවැනි සිදුවීමක් ඉන්දුනීසියාවෙන් වාර්තා විය.

