ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සල්ලිවලට බූරු ගැසූ පොහොට්ටුවේ ලග්ගල ප්‍රාදේශීය සභා සභාපති ඇතුළු 08 ක් අත්අඩංගුවට

නීතිවිරෝධී සූදු ක්‍රීඩාවේ යෙදුණු පුද්ගලයන් අට දෙනෙකු ලග්ගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (15) අළුයම සිදුකළ විශේෂ මෙහෙයුමකිනි.

මෙම පුද්ගලයන් අටදෙනා අතර ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද සිටින බවයි ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී.ඒ. රණවීර මහතා පවසන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබූ රුපියල් 24,000 කට අධික මුදල් ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සිදුකළ පරීක්ෂා කිරීම්වලදී සැකකරුවන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 1.221 ක් ද සොයාගෙන තිබෙනවා. හෙරොයින් ලඟ තබාගෙන සිටි පුද්ගලයා අදාල ප්‍රදේශයේ හෙරොයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු ලෙසද හඳුනාගෙන තිබෙනවා.

ප්‍රාදේශීය සභා සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුව මුදාහරින ලෙස පොලීසියට බලපෑම් කර ඇති අතර ඒ කිසිදු බලපෑමකට නතු නොවූ බවයි ලග්ගල පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ.