ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලංකාවේ සිදු වූ ළමා ලිංගික අපයෝජනය ගැන ලංකාව නිහඬ වුනත් ඕස්ට්‍රේලියාව දොස්තර ගැන පරීක්‍ෂණ අරඹයි

 ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ මහා ළමා ලිංගික අපයෝජනය සම්බන්දයෙන් ලංකාවේ බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ද ඔ්ස්ට්‍රේලියානු බලධාරීන් ඒ සම්බන්ධයෙන් ක්ෂනික ප්‍රතිචාර දක්වා තිබේ. අපගේ පුවත අනුව රූපවාහිනී රියැලිටි ගුරුවරයෙකු වූ නිරන්ත එදිරිසිංහ නම් පුද්ගලයෙකු සමග එක්වී බාල වයස්කාර දරුවන් රාශියක් ලිංගිකව අපයෝජනය කරමින් එම ලිංගික අපයෝජන වීඩියෝ ගත කර සීඩී තැටි වලට නඟා යුරෝපයේ, ඇමරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ විකෘති කාමාතුරයන්ට අලෙවි කිරීම පිලිබඳව චෝදනා ලබා තිබෙන ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර හෙවත් උපුල් හේවා නම් පුද්ගලයා සම්බන්ධයෙන් දකුණු ඔ්ස්ට්‍රේලියානු පොලිසියේ විශේෂ අපරාධ පරීක්ෂණ අංශය (SCIS) ද, ඕස්ට්‍රේලියානු ළමා කාම අපරාධ පිලිබඳ බියුරෝව සහ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව (Ahpra & National Boards) විසින් පරීක්‍ෂණ ආරම්භ කොට තිබීම සතුටට කරුණකි.

අප පුවතින් හෙළිකළ එක් කරුණක් වූයේ උපුල් හේවා නමැත්තා ඇමැති උදය ගම්මන්පිල අල්ලාගෙන මුදල් විසිකර තමාට එරෙහි සාක්කි විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවයි. ශිෂ්ඨාචාරගත රටවල් නීතිය බල්ලාට ගිය රටවල් සේ ක්‍රියා නොකරන බව අප පුවතට ඔ්ස්ට්‍රේලියානු බලධාරීන් දක්වා ඇති ප්‍රතිචාරයෙන් පැහැදිලි වේ.

දරුවන් 20 ක් සීඩී තැටි 130 ක්….
———————–
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුනු ඔත්තුවකට අනුව කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණරත්න මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ සිදුකළ මූලික විමර්ශන වලින් පසුව රුපවාහිනී ළමා රියැලිටි වැඩසටහනක පසුතල නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර ඇති පන්නිපිටියේ දෙපානම සමන් උයන ප්‍රදේශයේ පදිංචි නිරන්ත එදිරිසිංහ නම් අයෙකු ළමා අපචාර සිද්ධීන් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබීය. මොහුගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී තැටි 130 ක් පමණ පොලිසිය විසින් සොයා ගන්නා ලදි. අත් අඩංගුවට ගස් සීඩී තැටි වල දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය ආකාරයට රූපගත කල දර්ශන මෙන්ම ළමුන් ගේ පූර්ණ නිරුවත් දර්ශනද තිබී ඇත.

මූලික පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ නිරන්ත එදිරිසිංහ විසින් මෙම ළමා කාම වීඩියෝ ජාවාරම වසර ගණනාවක් පුරා සිදු කොට ඇති බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර නොහොත් උපුල් හේවා ද සහාය දී ඇති බවත් ය. මොවුන් දෙදෙනා එකතු වී බාලවයස්කාර ළමුන් ගේ අසභ්‍ය වීඩියෝ චිත්‍රපට ඕස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ සහ යුරෝපයේ සිටින කාමාතුරයන්ට විකුණා විශාල ලෙස මුදල් උපයාගෙන තිබේ. පොලිසිය පවසන පරිදි නිරන්ත එදිරිසිංහ විසින් අපයෝජනයට ලක් කර ඇති දරුවන් ප්‍රමාණය 20 දෙනෙකුට අධික බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 8-12 අතර වයසේ පසුවන බවත් සඳහන් වෙයි. පන්නිපිටියේ දෙපානම රියැලිටි වැඩසටහන් නිර්මාණකරුගේ මිතුරෙකු වන මෙම වෛද්‍යවරයා මීට වසර ගණනාවකට ඉහතදී මහනුවර ශික්‍ෂණ රෝහලේදී නව හැවිරිදි පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙකි. ඒ සිද්ධියෙන් පසු ඔහු විදේශ ගතවී ඇත.

මේ වන විට රූපවාහිනී රියැලිටි ගුරුවරයා වූ නිරන්ත එදිරිසිංහ රිමාන්ඩ්භාරයේ සිටින අතර හේවා ජයසිංහලාගේ උපුල් කුමාර නොහොත් උපුල් හේවා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ළමා කාම අපරාධ පිලිබඳ බියුරෝව සහ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ. එහෙත් සැකකරුවන් විසින් ප්‍රබල දේශපාලකයන් හරහා පරීක්‍ෂණ වලට බාධා පමුණුවා ප්‍රබල සාක්‍ෂි යටපත් කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි. ඒ දේශපාලුවන් අතර උදය ගම්මන්පිල ද වෙයි. බ්‍රයන් ජෝන් සැඩික් නම් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අත් අඩංගුවට පත් වූ විටදී ද වෛද්‍ය උපුල් හේවා, ගම්මන්පිලට ආධාර උපකාර කර ඇතැයි කියති. සැකකරුවන් දෙදෙනා විසින් මේ වන විට විශාල වශයෙන් මුදල් වියදම් කරමින් තමන්ට එරෙහිව තිබෙන සාක්‍ෂි විනාශ කරමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ.

ඔවුන් ජාතික පුවත්පත් වලටද බලපෑම් කොට ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ මහා ළමා ලිංගික අපයෝජනය පිලිබඳව තොරතුරු වාර්තා කිරීම සීමා කොට ඇත. බොහෝ පුවත්පත් මෙම විශාල අපයෝජනය හමුවේ මුණිවත රකිති.

ලංකාවේ බලධාරීන් පරීක්ෂණ කළ අයිපී වරුණි බෝගහවත්ත මාරු කළත්, ඔ්ස්ට්‍රේලියානු බලධාරීන් වැඩ කරන්නේ මෙහෙමයි..
——————————-
මෙම ළමා අපයෝජන සිද්ධිය පිලිබඳව පරීක්‍ෂණ කරමින් සිටි කොල්ලුපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්තට හදිසි ස්ථාන මාරුවක් ලබා දී තිබීමද ඉදිරි පරීක්‍ෂණ කටයුතු වලට බාධාවක් වී ඇත.

මේ හැර ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසන අන්දමට ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොට ගෙන අන්තර්ජාතිකව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ළමා කාම වීඩියෝ ජාවාරම පිලිබඳ විමර්ශණ කටයුතු වලදී ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙතෙක් ප්‍රමාණවත් සහායක් ලබා දී නොමැත. මේ වන විට දොස්තර උපුල් හේවා ඕස්ට්‍රේලියානු බලධාරීන් ගේ පූර්ණ ආවේක්‍ෂණයක් යටතේ සිටින අතර ළමුන් සම්බන්ධ ක්‍රියාකාරකම් වලට සහභාගි වීම සඳහා ඔහුට සීමා පනවා තිබේ.

විශේෂ ලියුම්කරුවෙක් විසිනි

(ලංකා ඊ නිව්ස්)