MT නිව් ඩයමන්ඞ් තෙල් නැව ආශි‍්‍රතව මුහුදේ තෙල් පැල්ලම තවදුරටත් – තෙල් කාන්දුවට හේතුව තවම සොයාගෙන නෑ
ගිනි ගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඞ් නෞකාව ආශි‍්‍රතව මුහුදු ජලයේ දක්නට ඇති තෙල් පැල්ලම තවදුරටත් පවතින බව නිරීක්‍ෂණය කර තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර පළමු වරට මෙම තෙල් පැල්ලම හදුනාගත් අතර එය විසිරවීම සදහා රසායනික ද්‍රව්‍ය යෙදීම ආරම්භ කෙරුණා. මෙලෙස තවදුරටත් පවතින්නේ දෙවන වරට හදුනා ගත් තෙල් පැල්ලමයි.
නෞකාව ආශි‍්‍රතව මුහුදු ජලයෙන් ලබාගත් සාම්පල මේ වනවිටත් පරීක්‍ෂණ සදහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමුකර අවසන්.
සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පැවසුවේ මෙම තෙල් පැල්ලම ඇති වන්නේ නෞකාවෙන් ඉවත් වන ඉන්ධන හේතුවෙන් බවයි.
මෙලෙස කාන්දු වන්නේ නෞකාවේ ගබඩා කර ඇති බොර තෙල්ද නැතහොත් නෞකාව සදහා භාවිතයට ගත් ඉන්ධන දැයි මෙහිදී ප‍්‍රශ්න කළා.
කෙසේවෙතත් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පැවසුවේ ඒ පිළිබද පරීක්‍ෂණ වාර්තාව පැමිණෙන තුරු නිල වශයෙන් කිසිවක් ප‍්‍රකාශයට පත් කළ නොහැකි බවයි.
21 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් ඊයේ (10) දිනයේ ගිනිගත් නෞකාවට ගොඩ වුණා.
විදේශීය ආපදා කළමණාකරන විශේෂඥයින් 17 දෙනෙකු හා ආපදා කළමණාකරනය පිළිබඳ විශේෂඥ පුහුණුව ලැබූ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සිව් දෙනෙක් ඊට අයත්.